Language : EN සිං

හෙල්ප් අයිකන් වෙතින් අපේක්ෂා රෝහලට, කටුවන රෝහලට වෛද්‍ය උපකරණ

සමාජ සත්කාර සංවිධානයක් වන හෙල්ප් අයිකන් සංවිධානය විසින් මහරගම අපේක්ෂා රෝහලට සහ කටුවන දිසා රෝහල වෙත රෝගී සත්කාර වෙනුවෙන් අවශ්ය වන වෛද්ය උපකරණ පරිත්යාග කිරීම ප්රාථමික සෞඛ්ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්ය අමාත්ය විශේෂඥ වෛද්ය සුදර්ශිනී ප්රනාන්දුපුල්ලේ මැතිණියගේ ප්රධානත්වයෙන් අද (02) දින සෞඛ්ය අමාත්යංශයේදී සිදුවිය.
ශල්යකර්ම සදහා භාජනය වන රෝගීන් සදහා අවශ්ය වන රෝගී සත්කාර පුටුවක් මෙන්ම රෝගී සත්කාර වෙනුවෙන් අවශ්ය වන මල්ටිපැරා මොනිටර්ස්, පේෂන් මොනිටර්ස් ඇතුලු වෛද්ය උපකරණ මෙහිදී පරිත්යාග කරන ලදි.
මහරගම අපේක්ෂා රෝහලේ ශල්ය ඒකකයේ සැත්කම්වලට භාජනය වන රෝගීන් සදහා අවශ්ය වන රෝගී සත්කාර පුටුවක් (පේෂන් චෙයාර්) මෙහිදී හෙල්ප් අයිකන් සංවිධානයේ සභාපති ප්රියදර්ශන බෙන්තොටආරච්චි මහතා විසින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්ය විජිත් ගුණසේකර මහතා වෙත ලබාදුන් අතර කටුවන දිසා රෝහලේ ප්රතිකාර ලබන රෝගීන් සදහා අවශ්ය වන මල්ටිපැරා මොනිටරයක් රෝහල් කළමනාකරණ සේවා නිලධාරී රෝහණ ජයතිස්ස වීරසේකර මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි. කටුවන රෝහල විසින් අමාත්යතුමියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව තවත් මල්ටිපැරා මොනිටර්ස් දෙකක් බයෝමෙඩිකල් අංශයෙන් ලබාදීමට මෙහිදී කටයුතු කරන ලදි. මෙහිදී සිදුකරනු ලැබූ පරිත්යාගවල වටිනාකම රුපියල් මිලියනයකට ආසන්නය.
මෙම අවස්ථාවට හෙල්ප් අයිකන් සංවිධානයේ ප්රධාන ලේකම් තුසිත ජයවර්ධන, උප ලේකම් ගයාන් හේවානායක යන මහත්වරු ඇතුලු පිරිසක්ද එක්විය.
May be an image of 5 people, people standing, people sitting, indoor and text
May be an image of 5 people, people sitting, people standing, indoor and text
May be an image of 4 people and indoor
May be an image of 4 people, people standing, people sitting and text
May be an image of screen and text
May be an image of sofa, indoor and text that says 'LOTOO MEDICAL INSTRUMENT HELP ICON වෙතින් මහරගම අපේක්ෂා රෝහලට, කටුවන රෝහලට වෛද්‍ය උපකරණ HELPN'
Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published.